මිනිසුන් වන අපි එකිනෙක සමග ගැටෙමින් එක සමාජයක් විදිහට ජීවත් වීමට කැමැත්තෙමු.එසේම බොහොමයක් ක්ෂීරපායි විශේෂද සමාජීය ජීවිතයකට හැඩ ගැසී ඇති බව සත්ත්ව ලෝකය නිරීක්ෂණය කරන අපට පෙනෙන කරුණකි. දුරටත් නිරීක්ශනයේදී පෙනෙන කරුණ නම් ක්ශීරපායින්ට අමතරව මෙම චර්යාව මත්සයන්,පක්ෂීන්,උරගයන්,අප්‍රෘශ්ටවංශීන් වන කුහුඹුවන්,මීමැස්සන්,වේයන් වැනි සතුන් අතරද ප්‍රචලිත බවය.නමුත් මෙම රංචු ලෙස ජීවත් වීමේ චර්යාව කුහුඹුවන්,මීමැස්සන් අයත්වන හයිමොනොප්ටෙරා නම් කුලයේ සාමාජිකයන් දරුණු තලයකට රැගෙන් ගොස් ඇත.මොවුන් කොලනියක් ලෙස ජීවත් වන අතර මෙම කොලනි තුල එක් සරු ගැහැණු සතෙක් පමණක් ජීවත් වන අතර ඇය රැජින ලෙස හඳුන්වයි.විද්යාඥයන් මෙය සුසමාජයක් හෝ සත්‍ය සමාජීය චර්යාව ලෙස හඳුන්යි.
මෙම චර්යාව මේ ආකාරයටම පෙන්වන ක්ෂීරපායි විශේෂයක් නැගෙනහිර අප්‍රිකාවේ ජීවත්වන බව ඔබ දැන සිටියාද. අප්‍රිකාව කියූ සැනින් අපට සිහි වන්නේ අලිඇතුන්,සිංහයන්,සීබ්‍රාවුන්,හිපෝ වැනි විශාල සතුන්ය.මොවුන්ද රංචු චර්යාව පෙන්වුවත් මා මේ සඳහන් කරන ක්ෂීරපායි විශේෂය නම් කාගේත් ඇස නොගැටෙන ලෙස අප්‍රිකාවේ පොළව යට උමං සාදාගෙන ජීවත්වන ප්‍රමාණයෙන් අඟල් 4ක් පමණ වන Naked Mole Rat නම් කුඩා කෘන්තක විශේෂය වේ.මෙම කෘන්තකයාගේ සමාජ රටාව කුහුඹුවන්ගේ සමාජ රටාවට සමාන වන අතර කොලනිය තුල අභිජනනය සඳහා හැකියාව සහිත එක් ගැහැණු සතෙකු පමණක් ජීවත් වේ.මෑ කොලනියේ වැදගත්ම සාමාජිකයා වන අතර සහකරුවන් කිහිප දෙනෙකු (3-5) සමග අභිජනනයේ යෙදේ එම පිරිමි සතුන්ට සහ රැජිනට අමතරව කොලනියේ කිසිඳු සාමාජිකයෙකුට අභිජනනය කල නොහැක.

එනමුත් කුහුඹු කොලනියක මෙන්ම මෙම කොලනියේ අනෙකුත් සාමාජිකයන් සොල්දාදුවන්,වැඩකරුවන් ලෙස විවිධ තනතුරු වලට ඇතුලත්ව කොලනියේ පැවැත්ම උදෙසා කටයුතු කරයි.

මෙම ජීවියා පිලිබඳ විමසා බැලීමේදී තවත් පුදුම සහගත කරුණු කීපයක් විද්යාඥයන්ට සොයාගැනීමට ලැබුණි.ඒවා නම් චලතාපී වීම.අප දන්නා පරිදි සියලුම ක්ෂීරපායි විශේෂ අචලතාපී වෙයි.එනම් පරිසර උෂ්ණත්වය කෙතරම් වෙනස් වුවත් වෙනස් නොවන ස්ථිර දේහ උෂ්ණත්වයක් පවතී.මෙය ඉතා දියුණු පරිණාමික ලක්ෂනයක් වන අතර මින් ලැබෙන වාසිද ඉතා ඉහලය. මෙය ක්ෂීරපායින්ට ලොව පුරා වෙනත් කිසිම ජීවියෙකුට සිහිනෙකින්වත් සිතිය නොහැකි ස්ථාන වල ජීවත්වීමට උපකාරී වන ප්‍රධාන අනුවර්තනයකි.නමුත් දේහ උෂ්ණත්වය ස්ථායිව පවත්වා ගැනීමට විශාල ශක්තියක් වැය කල යුතු අතර එයට ආහාර විශාල වශයෙන් අවශ්‍යවේ. චල තාපී වීම තුලින් මොවුනට අඩු ආහාර ප්රමාණයක් මගින් ජීවත් විය හැකිය.දැනට ලෝකයී හමුවන එකම චලතාපී ක්ෂීරපායි විශේෂය මොවුන් වේ.

මේ කරුණු වලට අමතරව මෙම කුඩා කෘන්තක විශේෂයේ සමේ වේදනා ප්‍රතිග්‍රාහක ඉතා අවම වීම නිසා මොවුන්ට වේදනාව දැනීම ඉතා අවම වන අතර ඉතා අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ වුවත් ජීවත් වීමේ හැකියාවද ඇත.තවද නුතන පර්යේෂණ මගින් සනාත වී ඇත්තේ මොවුන් පිලිකා සඳහාද ප්‍රතිරෝධී බවය.ඉතින් අප්‍රිකාවේ පොලව යට කොලනි ජීවිතයකට හැඩගැසුණු මෙම කුඩා කෘන්තකයා මිනිසුන් වන අපිට විද්‍යා ප්‍රබන්ධ වල පමණක් දක්නට ලැබෙන මෙවන් අනුවර්තන හිමි කර ගැනීම කෙතරම් පුදුම සහගතද ..

As human beings, we like to live together as one society. While observing the animal world, we have realized that many mammals also have adapted to a social life. Further observation shows that in addition to mammals, this behaviour is also common among fish, birds, reptiles, invertebrates such as ants, bees, and termites. But the habit of living in herds has been taken to the extreme level by the members of order hymenoptera, such as ants and bees. They live as a colony and there is only one fertile female in a colony known as the Queen. Scientists refer this as a eusociality.

Did you know that there is a mammal species living in East Africa shows this behaviour? When we talk about Africa, we are immediately reminded of large animals like elephants, lions, zebras, and hippos. Even though those large animals show the herd behaviour, the mammal I refer in here is a small rodent species which is about 4 inches in size and lives in self made underground tunnels of Africa where nobody's eyes can catch, named the Naked Mole Rat. The social pattern of this rodent is similar to ants and there is only one female who is capable of breeding in the colony. She is the most important member of the colony and breed with several partners (3-5). Any other member of the colony is not allowed to breed apart from those males and the queen. But as an ant colony, the other members of this colony are also having their work for the survival of the colony as soldiers, labourers, etc.

Scientists have discovered a number of other surprising facts about this creature. Such as, being cold blooded. As we know, all mammals are warm-blooded. That is, no matter how variable the temperature of the environment is, there is a constant body temperature that does not change. This is an advanced evolutionary characteristic and the benefits are huge. This is a major adaptation that helps mammals to live in places where no other organism could ever imagine. But it takes a lot of energy to keep the body temperature stable and requires a lot of food. By being cold blooded, these animals can survive with less amount of food. They are the only cold blooded mammal species found in the world at present. In addition to this, due to the less pain receptors of the skin of this small rodent species, the feel of pain is minimal and they are able to survive under very low oxygen conditions. Recent researches have been proved that they are also resistant to cancers. How wonderful it is that this little rodent who has adapted to colonial life in Africa has such adaptations only be found in science fictions...

H. D. C. Soysa

Referencehttps://en.wikipedia.org/wiki/Naked_mole-rathttps://en.wikipedia.org/wiki/Eusocialityhttps://en.wikipedia.org/wiki/Ectotherm

https://www.youtube.com/watch?v=2sKADUBfdMk

Jackson, T. (2008).The Complete Illustrated Encyclopedia of Animals of the World. Hermes House,London.Image by Smithsonian's National Zoo/flickr, CC BY-NC-ND

Leave a Comment