වර්ෂ 1897 ඔස්ටේ‍්‍රලියානු වාර්ථාකරුවකු වන ජේමිස් හින්ග්ස්ලි (James Hingsley) ඉන්දුනීසියාවට ගොස් පෙරළා තම මවුරටට පැමිණියේ තමන් ඉන්දුනීසියාවේදී සමනළුන් ආහාරයට ගන්නා විලෝපික උඩවැඩියාවක් (Carnivorous Orchid) දුටු බව පවසමිනි. මල වෙත පැමිණෙන කෘමීන් මල් පෙති මගින් අල්ලා ගන්නා ආකාරය ඔහු නිරීක්ෂණය කර තිබිණි. නමුත් හින්ග්ස්ලි සත්‍ය වශයෙන් දුටුවේ කෘමීන් අහරට ගන්නා විලෝපික මලක් නොව උඩවැඩියා මලේ හැඩය අණුකරනය කරන සත්වයෙකුයි. සැබැවින්ම මේ සතා අප බොහෝ දෙනෙකු දන්නා හදුනන වන්දෙකිකලක් මිනිස් ඇසින් සැගවී සිටි මෙම මායාකාරී ජීවියාට විදු ඇසින් සැගවීමට නොහැකිවිය. ඔස්ටේ‍්‍රලියානු හා නවසීලන්ත විද්‍යාඥයින් කිහිපදෙනෙක් මොවුන් සොයා මැලේසියාව බලා පිටත් වූ අතර මෙම අපූර්ව වන්දා පිළිබඳව බොහෝ තොරතුරු ඔවුන් විසින් ලොවට අනාවරණය කරන ලදි.ආත‍්‍රපෝඩා වංශයට අයත් මෙම විශේෂය Hymenopus coronatus ලෙස විද්‍යාත්මකව නම් වේ. අග්නිදිග ආසියාවේ වැසි වනාන්තර තම නිජබිම් කරගත් මොවුන් හැඩයෙන් මෙන්ම වර්ණයන්ගෙන්ද උඩවැඩියා මලකට සමානවෙයි. එබැවින් මෙම සතුන් Orchid Mantis ලෙස හදුන්වති. Orchid Mantis ලෙස හැදින්වූවද මොවුන් උඩවැඩියා ශාක මත ජීවත්වන සතුන් නොවේ. ගසක් මතට මෙම සත්ත්වයා පැමිණි විට පිටතින් බලන්නෙකුට පෙනෙන්නේ ඒ සතෙකු ලෙස නොව ගසේ පිපුනු මලක් ලෙසටයි. මලට ඇදෙන කෘමීන් මෙන්ම හිග්ස්ලිද රැවටී තිබුනේ Orchid Mantis ගේ මේ අපූර්ව අණුකරනයටයි.

Orchid Mantis ගේ පාද මලක පෙති ආකාරයෙන් පිහිටා ඇත. ඉදිරි පා යුගලේ දැති මෙන් උපාංග පිහිටා තිබීමෙන් මොවුන්ට ඉතා පහසුවෙන් ගොදුරු ග‍්‍රහනයට හැකියාව ලැබෙයි. දීප්තිමත් සුදු හා රෝස වර්ණයන්ගෙන් යුත් මෙම සතුන්ට තමන් අවට ඇති පරිසරයට අනුගතව වර්ණ වෙනස් කිරීමේ හැකියාවද පවතී.

ගැහැණු හා පිරිමි පහසුවෙන් වෙන්කර හ`දුනා ගත හැකි අයුරින් විශාලව වැඩෙන ගැහැණු සතුන්, ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර 6 ක් 7 ක් පමණ වන අතර, පිරිමි සතුන් වැඩෙනුයේ සෙන්ටිමීටර 2.5 ක තරම් ප‍්‍රමාණයක් පමණි. එමෙන්ම ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා වර්ණවත් භාවයෙන්ද වැඩි වේ. ගැහැණු සතුන්ගේ දැකගත හැකි විශාල පෙති (Lobes) හැඩැති පාද පිරිමි සතුන්ට නොමැත. ආර්ද්‍රතාවය හා උෂ්ණත්වයට සංවේදීවන මොවුන් තුළ ද වන්දන් ගේ දැකිය හැකි අපූර්ව ලක්ෂණයක් වන සංසර්ගයෙන් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ආහාරයට ගැනීම දැකගත හැකිය.

Orchid Mantis ගැහැණු සතුන් දක්ෂ දඩයම් කරුවන් ය. ගොදුරක් තමා වෙතට පැමිණෙන කාලසීමාව පුරාවටම ඉතා ඉවසීමෙන් නිසොල්මන්ව කල් මැරීමේ හැකියාව ගැහැණු සතුනට තිබුනද පිරිමි සතුන් ඊට හාත්පසින් වෙනස් වේ. ඉතා කබලකාරී පිරිමි සතුන් කුඩා සෙලවීමක දී පවා හුන් තැනින් පියඹා යෑමට සැරසෙති.

කෘමි සතුන් අභිජනනය කරන්නන් (Insect Breeders) අතරේ ජනප‍්‍රිය මෙන්ම දුර්ලභ විශේෂයක් වන අතර සාමාන්‍යයෙන් එක් සතෙකු ලංකාවේ මුදලින් රුපියල් 6000 - 8000 ක් පමණ මිලකට අන්තර්ජාලය ඔස්සේ විකිනෙයි. කෙසේ වෙතත් මෙම අපූර්ව සත්වයා සොභාදහම තරමේ අපූර්ව නිර්මාණ කරුවෙකු මිහිපිට නොමැති බවට පසක් කරවන කදිම නිදසුනකි.

In 1897 the Australian Journalist James Hingsley hurriedly returned to his motherland from his journey to Indonesia claiming that he witnessed a carnivorous orchid which consumes butterflies. He had observed how the insects that approached the flower were captured by its petals. However, what he actually witnessed was not a carnivorous orchid but an animal that mimics the orchid. It is non-other than a species of insects that is known to us as Praying mantises.

This magical insect was not able to deceive science even though it deceived human eyes for years. A group of scientists from Australia and New Zealand carried out an expedition in Malaysia and revealed the amazing story of this insect to the whole world.

This specie belonging to Phylum Arthropoda was given the binominal name Hymenopus coronatus. They inhabit rainforests of Southeast Asia and well resemble orchids by colouration and formation. Thus, this mantis specie is known as the Orchid Mantis. Even though they are called as such, they do not live on orchids. When on a tree, these mantises are camouflaged as flowers that bloomed in the tree. This brilliant adaptation, appearing as a flower tricks the other insects to approach the mantis as well it deceived Hingsley.

The legs of the Orchid mantis resemble flower petals. The front pair of legs are toothed which helps them to grasp their prey. They have a bright white and pink colouration and are capable of varying between these colours as necessary to camouflage with the surrounding environment.

The females grow larger than males, making it possible to differentiate a male and a female by its size. A female grows approximately 6-7cm whilst a male grows approximately 2.5cm and females have much brighter colouration than males. The legs of males are not large lobe shaped as it is in females.

This mantis specie is sensitive to humidity as well as to the temperature. As known amongst most mantis species, the Orchid mantises also show the behaviour where the male becomes the prey of the female after mating.

Female Orchid mantises are skilful hunters where they patiently and calmly wait until a prey approaches. Male Orchid mantises on the other hand are much easily scared off. Even a slightest movement may trigger the males to fly away.Orchid mantises are rare and popular amongst the insect breeders. An individual Orchid mantis is being traded on the internet for approximately 6000-8000 Sri Lankan Rupees. However, this amazing specie is another excellent confirmation that there is no better creator than the nature itself.

Hasantha Wijethunge

Referenceshttps://www.discovermagazine.com/.../the-bloodthirsty...

http://www.keepinginsects.com/pray.../species/orchid-mantis/http://newswatch.nationalgeographic.com/.../praying.../

https://www.panterrapets.com/products/orchid-mantis

Image by Roger Meerts @ Shutterstock

Leave a Comment